Lanka Danweem Pituwa - Marraige Proposal - මණාලයෝ Grooms 10/12/2024

👳 බොදු කරාව වැදගත් පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 38,​ මනා ලෙස ස්ථාපිත දුම්පානයෙන් හා සුරාවෙන්තොර ඕස්ට්‍රේලියානු පුරවැසි PhD සුදුසුකම් ලැබූ ඉංජිනේරුවරයකු /​ විද්‍යාඥයකු වන විශිෂ්ඨ චරිතයකින් හෙබි එකම පුතුහට සුදුසුකම් ලැබූ ඉතාමත් විනීත ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය /​ පුරවැසිභාවය හිමි දියණියක් සොයයි. 

හොඳ පවුල් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය අවශ්‍යයෙන්ම මේ පිළිබඳව උනන්දුවක් දක්වන යෝජනා පමණි. 

විද්යුත් තැපෑල y​r​y​e​p​u​@​g​m​a​i​l​.​c​o​m​

💙💙💙💙💓💓💓

💛 රෝමානු කතෝලික මව ඇයගේ වයස අවුරුදු 35,​ උස 6′ වන නවසීලන්තයේ ස්ථිර පදිංචිය හිමි ප්‍රමාණවත් වත් පොහොසත්කම් ඇති මනා පෙනුමැති මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන සංක්‍රමණය වීමට කැමති ලංකාවේ හා නවසීලන්තයේ වත්කම් හිමි පුතුහට සංක්‍රමණය වීමට කැමැති යෝග්‍ය දියණියක් සොයයි. 

මූල්‍ය තත්ත්වය,​ තත්ත්වය දෑවැද්ද නොසැලකේ. අප සොයනුයේ හොඳ සහකාරියක් පමණි. 

විද්යුත් තැපෑල : n​z​s​l​2​0​2​4​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m

💗💗💗💗💙💙💚💚

💘උඩරට බොදු ගොවි ධනවත් ඉහල සබඳතා සහිත මනා ලෙස ස්ථාපිත ව්‍යාපාරික /​ හෝටල් ක්‍ෂේත්‍රයේ දෙමාපියන් විසින් තම වයස 41,​ උස 5′ 11″ මධ්‍යම සිරුරැති,​ ඉහළ සාර්ථකත්වයට පත්,​ ඉතා කඩවසම්,​ මිත්‍රශීලි පැහැපත්,​ සුහුරු විවාහ නොවූ තරුණ පෙනුමැති ආකර්ෂණීය පෞරුෂයෙන් හෙබි පවුලේ සාරධර්ම අගයන,​ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලත්,​ ඉතා හොඳ ක්‍රීඩකයකු මෙන්ම බොහෝ දක්ෂතාවලින් හෙබි,​ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ඩීකින් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන ක්‍ෂේත්‍රයේ මාස්ටර්ස් උපාධිලත්,​ දැනට පවුලේ ව්‍යාපාරවල කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන වටිනා වත්කම් උරුම දුමින් තොර,​ වැඩිමල් පුතුට,​ ඉතා රූමත්,​ පැහැපත් සිහින් සිරුරැති කාරුණික සෙනෙහෙබර මනා ගතිගුණ සහිත වයස 30-41 අතර දියණියක් වැදගත් පවුලකින් සොයයි. 

කරුණාකර කේන්ද්‍රය හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. ඕස්ට්‍රේලියාවේ හා විදේශ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් හා දික්කසාද වූ අයගේ යෝජනා ද සලකා බැලේ. 

ඊමේල් p​r​o​p​a​u​7​7​7​@​g​m​a​i​l​.​c​o​m​

💛💛💛💛💖💘💜💜💜💜




පැරණි පුවත්