Lanka Danweem Pituwa - Marrage Proposal - මණාලයෝ GROOMS 09/06/2024

මහනුවර සිංහල බෞද්ධ වැදගත් පවුලක දෙමාපියන් සොයනුයේ රූමත් උගත් කාරුණික, ගති ඇති දියණියකි අවුරුදු 44 වයසැති 5′ 8″ උස උගත් (කොම්පියුටර් ඉංජිනේරු) කාරුණික ගති පැවතුම් ඇති කඩවසම් සුරා සුදුවෙන් තොර ඇමරිකාවේ වෙසෙන පුතුට සහකාරිය පිළිබඳ විස්තර ඊමේල් කරන්න.

 

d​i​l​a​n​i​a​i​d​@​y​a​h​o​o​.​c​o​m​ විස්තර රහසිගතව තබාගනිමි.

*****************************************************************************

ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ විගණන ආයතනයක විගණන නිලධාරියෙකු ලෙස සේවය කරන රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබූ වෘත්තීය සුදුසුකම් සැපීරූ බොදු ගොවි,​ 1995 දෙසැම්බර්,​ 5′ 11″,​ කඩවසම්,​ ඉඩකඩම් හා නවීන පන්නයේ නිවසක් හිමි පුතුට උගත් ගුණගරුක දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. එකම සොයුරිය එංගලන්තයේ වෛද්‍යවරියකි. 

සියළු විස්තර කේන්ද්‍රය සමග. p​r​o​p​o​s​a​l​7​4​6​8​@​g​m​a​i​l​.​c​o​m

*****************************************************************************

කොළඹ පදිංචි බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1997 දෙසැම්බර් මස උපත ලද,​ උස 5′ 7″ වන කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලැබූ සබරගමුව විශ්වවිද්‍යාලයේදී උසස් අධ්‍යාපනය නිම කළ දැනට මාස්ටර් ස් උපාධියේ අවසාන අධියරයන්ම සඳහා යුරෝපයේ ජීවත්වන නිවසක් හා වෙනත් ධනය හිමි පුතුහට විවාහයෙන් පසු විදේශගත වීමට කැමති සිත්ගන්නා සුළු යුවතියක් සොයයි. 

විමසීම්  a​n​o​l​i​y​a​n​a​g​e​9​7​@​g​m​a​i​l​.​c​o​m​

*****************************************************************************

බස්නාහිර විශ්ව 1993 ඔක්තෝම්බර් උස 5′ 8″ පැහැපත් කඩවසම් කොළඹ උසස් පාසැලක උගත් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි මාස්ටර්ස් නිමකර එහි රැකියාවේ නියුතු වැඩිමහල් ඉංජිනේරු පුතුට විදේශගත වීමට කැමති උගත් ප්‍රසන්න පෙනුමැති වැදගත් පවුලක දියණියක් ව්‍යාපාරික දෙමව්පියෝ සොයති. ලංකාවේද දේපළ ඔහු සතුය. කොළඹ ව්‍යාපාරයක් හිමි පියා රෝ. කතෝලික වන අතර,​ මව බෞද්ධ වේ. 

ආගම් භේද නොසැලකේ. කේන්දරය සමග විමසන්න. n​i​r​o​s​h​a​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​

*****************************************************************************

මාගේ දෙමාපියන් බොදු ගොවි වන අතර,​ මම ඕස්ට්‍රේලියානු පුරවැසියෙකේමි. මනා අධ්‍යාපනයක් ලද මා ඉලක්කම් හයේ වැටුපකට ඕස්ට්‍රේලියානු රජයට සේවය කරණ අතර,​ ධනය හා මාගේම ව්‍යාපාරයක් ඇති අතර,​ වයස අවුරුදු 58 වන තරුණ පෙනුමැති මා මෑතකදී වෙන්වූ අතර,​ තනිකඩයකු ලෙස ජීවත් වෙමි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මාගේම නිවසක් හා දේපළ මට හිමිය. විවාහය සඳහා මා සොයනුයේ වයස 25-45 අතර කරුණාවන්ත හදවතක් ඇති ලෝකයේ ඕනෑම පෙදෙසක ජීවත් වන ශ්‍රී ලාංකික යුවතියකි. අධ්‍යාපන මට්ටම,​ ආගම,​ ජාතිය ගැටලුවක් නොවේ. 

ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් පෞද්ගලිකව හා දෙමාපියන් මාර්ගයෙන් 

පිළිතුරු s​t​a​r​c​r​t​s​@​g​m​a​i​l​.​c​o​m​ එවන්න.




පැරණි පුවත්